Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 7 💚

A+ A-

ම්ම්ම්..මං මේ කොහෙද ඉන්නෙ…මට ලොකු හුරු බවක් දැනුනා…ඇස් ඇරලා බලන්න ඕන…ඒත් මං උත්සාහ කරාට මට ඒක කරගන්න බෑ…මගෙ ඇස් පියන් එකිනෙක තදින් ඇලිලා වගෙ මට දැනුනේ…ඒත් මං උත්සාහය අතෑරියෙ නැ…මං ඒක කලා…පියන් අතරෙන් ඇස් මතට වැටෙන ආලෝකය නිසා අපහසුවතාවයක් දැනුනත් මං හිමින් ඇස් ඇරියා…

මං දැනුනා හරි…මං හිටියේ මගෙ කාමරේ නෙවෙයි…ඒත් මට මේ තැන හුරුයි…මං මුලු කාමරේ පුරාම ඇස් යැව්වා…හරිනේ මං ඉන්නෙ හොස්පිට්ල් එකේ…ඒකයි මට මෙතන හුරු…ඒත් ඇයි මං මෙහෙ…මට මුකුත් මතක නෑනේ…

“ඔයා ඇහැරුනාද?”

වටේම බල බල කල්පනාවෙ හිටිය මට එතකොටයි මතක් උනේ මං ගාව කවුරු හරි ඉන්නවා කියලා…

“ම්ම්ම්ම්ම්ම්…😊”

“මොනවත් ඕනද?”

“එපා…”

යුන්ගි…මං එයා එක්ක ලාවට හිනාවෙලා ආයෙත් වින්ඩෝ එකෙන් පේන ඈත අහස දිහා බලාගත්තා…
එයා ඇයි මෙහෙ…එතකොට එයාද මං ලග නැවතිලා ඉන්නෙ…ඔක්කොම පටලැවිලා…

යුන්ගි පුටුවෙන් නැගිටලා ගිහින් එමර්ජන්සි බෙල් එක රින්ග් කරලා ඇවිත් ආයෙ වාඩි උනා…විනාඩි ගානක් චෙන් නර්ස් එක්ක රූම් එකට ඇවිත් මාව චෙක් කලා…

“කොහොමද හෝප් දැන්…?”

“අවුලක් නැ බන්…මොකක්ද උනේ මට…ඉක්මනට ඩිස්චාර්ජ් කරයි නේ?”

“රිපෝට්ස් ඔක්කොම නෝමල් නිසා දවල්ට ඩිස්චාර්ජ් කරයි….හ්ම් 😅 මොකක්ද උනේ කියලා නන් මාත් දන්නෙ නැ…මෙයාලගෙන් අහලා බලන්නකො..හ්ම්..මං යනවා කොල්ලො එහෙනන්…පරිස්සමෙන් ඉන්න…”

“හ්ම්ම්ම්….අද මට ඩියුටි නේද?”

“බයවෙන්න දෙයක් නැ…ඒක ඩොක්ටර් ලීමින්ට දුන්නා…”

“හ්ම් හරි…”

චෙන් මගෙ ඔලුවත් අතගාලා නර්ස් එක්ක ගියා…
ඇති යන්තම් මට අද ඩිස්චාර්ජ් වෙන්න පුළුවන්….ඉස්සෙල්ලාම මට මොකක්ද උනේ කියලා හොයාගන්න ඕන…යුන්ගි දන්නවා ද දන්නැ…

“මිස්ට ජේහෝප් කල්පනා කරලා ඉවර නන් උදේ කෑම කමු නේද?බෙහෙත් බොන්නත් තියෙනවානේ…අනික අද ඩිස්චාර්ජ් කරන හින්දා ලෑස්ති වෙන්නත් එපැයි…”

යුන්ගි මාව හිමිට නැගිට්ටවලා වාඩි කරවලා ටේබල් එක උඩ තිබ්බ ලන්ච් බොක්ස් එක ඇරලා පිලිවෙලට හදලා මට කෑම කන්න කිව්වා…

මං මුකුත් නොකියා උඩින් පල්ලෙන් කෑම කාලා ඉවර කරලා යුන්ගිගෙ උදව්වෙන් වොශ් දාන් ගෙදර යන්න ලෑස්ති උනා..

යුන්ගි අපේ ගෙදරට කෝල් කරලා කිව්ව මං හිතන්නේ මාව එක්කන් එනවා කියලා…

එයාගෙන් මේක ගැන අහනවාද නැද්ද…
.
.
එක්කො ඔන්න ඔහෙ අහලා බලනවා…

“යුන්ගි ඇයි මාව හොස්පිට්ල් ඇඩ්මිට් කලේ…ඔයා හේතුව දන්නවාද…?”

“ඊයේ ජන්කුක් ඔයාගෙ රූම් එකට ඇවිත් බලද්ද……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….මින්ග් කිව්ව විදියට ඕක තමා වෙලා තියෙන්නේ….”

“ඩොක්ටර්ස්ලා මොකද කිව්වෙ..?”

“ඩොක්ටර්ස්ලා නන් කිව්වෙ එහෙම උනේ ශොක් එකක් නිසාලු…මොනදේ උනත් ඒවා වැඩිය හිතන්න එපා ජේහෝප්…සතුටින් ඉන්න…”

ඔයාට කියන්න ලේසි යුන්ගි ඒත් ඒක කරන්න ඕන මං…ඔයා මගෙ ටේව මගෙන් උදුරගද්දි මං කොහොමද ඒක නොහිතා ඉන්නෙ….

මට ඒක එයාගෙ මුනට කියන්න බැරි හින්දා මූනට බොරුවට හිනාවෙලා මං ෆෝන් එක අතට ගත්තා…යුන්ගි පොඩ්ඩක් එලියට ගිහින් එන්නම් කියලා ගියා…මං මුකුත් නොකියා ෆොන් එකටම මූන ඔබන් හිටියා…නම්‍යුගෙන් , කුකීගෙන් කෝල්ස් ගොඩක් ඇවිත්…එයාලට
ආයෙත් කෝල් ගන්න ඕන උනත් මට ඒකට මූඩ් එකක් තිබ්බෙ නැති හින්දා මං යුන්ගි ගියාට පස්සෙ ෆොන් එක පැත්තකින් තියලා වාඩිවෙලා ඈත අහස දිහා බලන් හිටියා….

“ජේහෝප්”

යුන්ගි එකපාරටම දොරත් ඇරන් රූම් එක ඇතුලට ආවා…මං නිහඩවම එයා දිහා බැලුවා…

“මං ගියේ හොස්පිට්ල් බිල්ස් ටික ගැන බලන්න…නම්ජුන් අංකල් බිල්ස් ඔක්කොම පේ කරලා…ඒ හින්දා අපිට දැන් යන්න පුළුවන්…”

“හ්ම් හරි….තාත්තා එන්නෙ නැද්ද මාව එක්කන් යන්න…”

“බොරුවට ආයේ අංකල් එන්න ඕන නෑනේ…මං කිව්වා මං ඔයාව එක්කන් එන්නම් කියලා…”

යුන්ගි එහෙම කියලා gummy හිනාවත් දාලා බෑග්ස් ටික අරන් එලියට ගියා…

එතකොට මං දැන් මේ මනුස්සයා එක්ක ද යන්න ඕන…🙂 මරු
අම්මටයි තාත්තාටයි වෙන එකෙක් හිටියෙම නැද්ද මාත් එක්ක එවන්න…

එතකොටම වගෙම දොර ඇරන් නර්ස් කෙනෙක් ඇතුලට ආවා…මගෙ කැනියුලා එක ගලවලා නර්ස් යද්දීම වගෙ යුන්ගි ආයෙත් ආවා…

“අපි යමු…😊”

යුන්ගි මාවත් කතා කරන් ඉස්සර වෙලා රූම් එකෙන් එලියට ගියා…මාත් එයාගෙ පස්සෙන් ඇවිත් එයාගෙ වෙහිකල් එකට නැග්ගා…

ටික දුරක් එනකන් අපි දෙන්නම අතරේ තිබ්බෙ දැඩි නිහැඩියාවක්…

ට්‍රිං… ට්‍රිං….

“හලො…නම්‍යු…”

“කොහොමද බබෝ දැන්…”

“හ්ම්ම්..අවුලක් නැ…ඩිස්චාර්ජ් කලා මාව…මේ ගෙදර යන ගමන්…

“අපේ මින්ග් එක්කද?”

“අහ් නැ නැ…අපේ ටේගෙ බෝයිෆ්‍රෙන්ඩ් යුන්ගි…එයා එක්ක…🙂”

මං දැක්කා මං ඒක කිව්වාම යුන්ගි දිහා බලලා ආයෙ අහක බලාගත්තා…

“අහ්..එහෙම ද? හ්ම්….මං මේ ගත්තේ මං හෙට උදේ එනවා කියන්න…”

“අද…තව දවස් 4ක්ම තියෙනවා නේ එන්න…”

“ඔයා හොස්පිට්ල් ඇඩ්මිට් කරා කියලා මින්ග් කිව්වට පස්සෙ මට ඉක්මනට එන්න හිතුනා…ඒක හින්දා අද රෑ ෆ්ලයිට් එකේ ටිකට් බුක් කලෙ…හෙට උදේ වෙද්දි ඔහෙ…”

“පිස්සි…පරිස්සමෙන් එන්න එහෙනන්…උදේට මාත් එන්නම් එයාපෝට් එකට…”

“හ්ම්..එහෙනං මං තියන්නම්…බඩු පැක් කරන්න ඕන…😁 බායි…ටේක් කෙයා..”

“බායි පැටියෝ…සේෆ් ෆ්ලයිට්…”

කෝල් එකේ ඉද්දි නොදැනුනාට අපි ගෙවල් කිට්ටුවටම ඇවිත් හිටියේ…
කෝල් එක කට් කරලා මං බැලුවේ යුන්ගි දිහා…එයා පාර දිහා බලන් ඩ්‍රයිව් කරන ගමන් හිටියේ…

“ටේ කියන කතාව ඇත්ත වගෙ…”.

“මොකක්ද..?”

“කුකීගෙ පණ එයාගෙ අයියා කියන එක…බලන්නකො…😅”

පාරට බෙල්ල දික්කරන් බලන් ඉන්න කුකීව යුන්ගි හිනාවෙවි ඇස් වලින් මට පෙන්නුවා…

“අහ් ඔව්…එයා එහෙම තමා…😊”

“මට ටේ කියලා තියෙනවා ඔයා දවස් දෙක තුන ඩියුටි එහෙම ඉන්න දවසට කුකී තරහා වෙනවාලු…😅”

“ඔව් ඔව්…එයා හිතන් ඉන්නෙ මං එයාව අමතක කරනවා කියලා…”

අපි එනවා දැකලා කුක්සන් ගේට් එකෙන් ඇතුලට ගියා…
යුන්ගි හිනාවෙවි වෙහිකල් එක ගෙදරට හරවද්දි අපේ කුක්සන් අත් දෙකත් බැදන් ගාඩ්න් එකේ ඉදන් බලන් හිටිය…

“බහිමු…මං බෑග්ස් ටික ගේන්නම්….”

යුන්ගි සීට් බෙල්ට් එක අයින් කරලා බහින්න යද්දීම මං එයාගෙ අතින් අල්ලලා එයාව නැවැත්තුව…

“තැන්ක්‍යු යුන්ගි…කරපු උදව් වලට…😊 අහ්හ් බෑග්ස් ටික මේඩ් කෙනෙක් ගනී…”

මං වෙහිකල් එකෙන් බැහැලා එද්දිම කුකි දුවන් ඇවිත් මගෙ අතේ එල්ලුනා…අම්මයි තාත්තායිත් එලියට ඇවිත්…

“ඔයාට කොහොමද හියුන්…”

“මං හොදින් අනේ…ඒක මේ පොඩි කලන්තයක්…”

“ඒත් මං බය වුනා…”

“පැටියා…”

මං ගෙට එද්දිම අම්මා ඉස්සරහාට පැනලා මාව බදාගෙන අඩන්න ගත්තා…

“අයියෝ…අම්මා අඩන්න එපා…අනේ…මං හොදන්…”

මං ඉක්මනට මගෙන් ඈත්වෙලා කදුලුත් පිහිදන් හිනා උනා…

“කෝ එන්න ඉක්මනට වොශ් දාන්…අපි කමු…මං කෑම ලෑස්ති කලා…යුන්ගි පුතත් ඉමු අද…”

“අංකල්…මට තව පැයකින් විතර මීටින්ග් එකක් තියෙනවා…ඒ හින්දා පරක්කු වෙන්න බැ අංකල්…පස්සේ දවසක අනිවාර්යයෙන්ම කමු…හ්ම්…”

“අම්මා…කො ටේ…?”

“අහ් පැටියෝ එයා නිදි…අද එලිවෙනකන් ඇහැරිලා…මං බැරිම තැන ස්ලීපින්ග් ටැබ්ලට්ස් දීල නිදි කෙරෙව්වේ…තාම නිදි…මං ඇහැරුවෙත් නැ…”

“හ්ම්ම්ම්….”

“ඒක හොදයි අංකල්…නැත්තං දවසම ඔහොම ඉදී…”

“හරි ලොකු පුතා ඔයා ගිහින් චේන්ජ් කරගන්නකො…”

“ඕකේ තාත්තා…”

“මාත් යනවා අංකල්”

“හරි පුතා…තැන්ක්‍යු…

අම්මයි තාත්තායි කෑම ලෑස්ති කරනවා කිව්ව හින්දා
යුන්ගි ගියාට පස්සෙ මං කුකීත් එක්ක රූම් එකට ගියා…

කුකී මගෙ බෑග් එක අස් කරන අතරේ මං ගිහින් වොශ් දාන් ඇදුම් මාරු කරගත්තා…

“හියුන්ගි…කොහොමද දැන්…?”

“මං හොදින් කුකී…”

මං බැල්කනි එකට වෙලා අහස දිහා බලන් ඉද්දි කුකී ඇවිත් මගෙ පපුවට තුරුල් උනා…එයාට මං නැතුව පාලු හිතෙන්න ඇති…

“මං බය උනා හියුන්.. ඔයාට මොනවා හරි වෙයි කියලා…”

“මං ඉතින් මේ හොදට ඉන්නෙ…බොරුවට ඔයා බය වෙලා තියෙන්නේ…”

මං කුකීව තවත් තුරුල් කරන් කෙස් අතරින් ඇගිලි තුඩු යවමින් හිමීට ඔලුව අතගෑවා..

“හියුන්ගී…දන්නවද වැඩක්…”

කුකී එකපාරටම මගෙ තුරුලෙන් ඈත් වෙලා ඇස් දෙක ලොකු කරන් මං දිහා බැලුවා…

“නම්‍යු නූනා හෙට එනවා කිව්වා…😁 මින්ග්‍යු හියුන්ට වෑඩ ගොඩයිලු අද…”

“අහ්හ් මටත් කිව්වා….😅 කොල්ලා පව් හැබැයි…”

“ඒක නෙවෙයි හියුන්…”

“ඒ පාර මොකක්ද…”

“මාර කතාවක් කිව්වනේ යුන්…………”

“හෝප් හියුන්…🥺🔊”

ඒ සද්දෙට කුකීයි මායි දෙන්නම උඩ ගියා…අපි දෙන්න කතා නවත්තලා දොර පැත්තට අවදානය දුන්නා…

ටේටේ දොර ගාව හිටගෙන බලන් ඉන්නවා…එයාගෙ ඇස්වලින් හෝ ගාලා කදුලු වැටෙනවා…මට ඒ කදුලු පිහිදන්න ඕන උනා…මං අඩිය තියලා ඉස්සරහට යන්න හදද්දිම එයා දුවගෙන ඇවිත් මාව බදාගත්තා…

“හියුන්ගී…😭😭😭”

“අනේ ටේටේ ඇයි මේ….🥺”

“ටේටේ ඊයේ ඉදන් ඔහොම තමා…හොස්පිට්ල් එකේදිත් හියුන් ගාවමයි හිටියේ අඩ අඩ…”

“😭 මෙයාලා මාව බලෙන් ගෙනාවේ…නැත්තං මං හියුන්ව දාලා එන්නෙ නැ….”

ටේ මාව බදාගෙන කියව කියව ඇඩුවා..මගෙ මුලු ෂර්ට් එකම එයාගෙ කදුලු වලින් තෙමිලා…එයා මේ ටිකේම ඇඩුව බවට එයාගෙ ඉදිමුන ඇස් දෙක සාක්ෂි දැරූවා…

“කෝ දරුවෝ මේ බලන්න…මේ හියුන් හොදින්…දැන් ඔය අඩන එක නවත්තන්නකො..හ්ම්..ඔයා අඩද්දි හියුන්ටත් දුකයි…”

මං එහෙම කිව්වම ටෙටෙ ඔලුව වනලා මගෙන් ඈත්වෙලා කදුලුත් පිහිදන් හිනාවුනා…

“අම්මා කෑගහනවා අන්න….මං යනවා පහලට කෑම කන්න…මල කෝලම්…😌”.

කුකී හිනාවෙලා මටයි ටේටයි ගස්සගෙන පහලට ගියා….

“කෝ එන්න අපිත් යමු..හ්ම්…”

මං ෂර්ට් එකත් මාරු කරගෙන ඇවිත් ටේටේවත් තුරුල් කරන් පහලට බැස්සා…

මං හොස්පිට්ල් ඉදන් ආව සතුටට ද කොහෙද අම්මා අද එක එක කෑම ජාති ගොඩක් හදලා…වෙනදා වගෙ ටිකක් කාලා නැගිටින්න බැරි උනා අද…වදෙන් පොරෙන් උනත් මට ඒ ඔක්කොම කෑම කවලා තමා එයා පස්ස බැලුවෙ…ටේයි කුකියි තාත්තායි තුන්දෙනාම හොදට හිනාවෙනවා…
බෙහෙත් බොන්න තියෙන හින්දා මං කෑම කාලා ඉක්මනට රූම් එකට ආවා…

🔔

මං බෙහෙත් ටික අතට ගද්දිම මගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවා ඇහුනා…මං බෙහෙත් ටික අතේ තියන්ම අනිත් අතින් ෆෝන් එක අරන් බැලුවා…

————————————

*Unknown Number*

J-Hope Heta ape family party ekak thiyenawa…Gedara aya ekka oyath aniwaryenma enna…-Yoongi

hm Ok Yoongi

————————————

මං රිප්ලයි කලා…ඇත්තටම මට මෑසේජ් එක කියෙව්වම පුදුම හිතුනා…මැසේජ් එක හින්දා නෙවෙයි ඒක එව්ව කෙනා හින්දා…යුන්ගි…එයාට කොහෙන් ද මගෙ නම්බර්…සමහර විට ටේගෙන් ඉල්ලගන්න ඇති…ඒත් ඇයි මට වෙනම ඉන්වයිට් කලේ…අනේ මන්දා…

ආශ් ජේහෝඕඕඕප්….ඔය විකාර හිතන එක නවත්තපන්…ඕක නිකන් බර්ත්ඩේ ඉන්විටේශන් එකක් විතරයි…🙂 ඒ මිනිහට පිස්සුවක් නැ කතා කරලා උගෙ බෝයිෆ්‍රෙන්ඩ් උබට දෙන්න තරම්…

ඇත්ත තමයි…මං අකැමැත්තෙන් උනත් අන්තිමට මගෙ මොලේ කිව්ව දේ පිලිගත්තා…ඒක තමා යථාර්ථය…

මං ෆෝන් එකත් ඇද උඩට විසි කරලා අතේ ගුලි කරන් හිටිය බෙහෙත් ටික බිලා ඇදෙන් හාන්සි උනා…

“මං නම්බර් එක සේව් කලේ නෑ නේද”

නම්බර් එක සේව් කලේ නැ කියලා මතක් උන හින්දා මං එහා පැත්තේ තිබ්බ ෆෝන් එක ආයෙ අතට ගත්තා…

“එක්කො ඕන නැ….🙂 මොකටද…”

“එක්කො කමක් නැ…ඔන්න ඔහෙ සේව් කරනවා…”

“යු..න්..ගි…”

මං ෆෝන් එකේ නම්බර් එක සේව් කරලා පැත්තකින් තිබ්බා…බෙහෙත් බිව්ව හින්දා ද මන්දා දැනුනා හිනී ඔලුව කැක්කුමයි මහන්සි ගතියයි නිසා මං පොඩ්ඩක් ඇස් දෙක පියාගත්තා…

– YO –
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,

කොහොමත ඉතිම්?😌
මගෙ හිත කියනවා මේක ඉක්මනට ඉවර කරන්න කියලා…ඊටපස්සෙ මට හිත නිදහසේ Enemy ලියන්න පුළුවන් නේ…ඉක්මනට මේක ලියලා ඉවර කරනවා ඒ හින්ද….
ඉක්මනට හම්බෙමු…

Bye…❤️

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 7 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 7 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 7 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 7 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 7 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 7 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 9